AFC Banner
Empty Ad
Empty Ad

කැලණිය සරසවිය හෙට යළි විවෘත වෙයි

මේවන විට වසා දමා ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට 11 යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කලමණාකරණ පීඨ යළි විවෘත කෙරෙනු ඇති.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා යළි විවෘත කෙරෙන බවයි.

සරසවියේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ගේට්ටුවේ ගැට ගසා තිබීම හේතුවෙන් ඇති වූ ගැටලුවක් මතයි වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ පසුගිය 4 වනදා තාවකාලිකව වසා දැමුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?