AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණය තවමත් සරදම් කරයි

තද වැසි ආරම්භ වීමත් සමග සුළගේ වේගය ද ඉහළ යා හැකි බැවින් නිරිත දිග බෙංගාල බොක්ක සහ දිවයින වටා වන ගැඹුරු , නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන නාවික හා ධීවර ප්‍රජාවට ඉදිරි දින කිහිපය තුල වඩාත් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලිය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී එය දිවයිනේ බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.

තව දුරටත් අදහස් දක්වන කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව කියා සිටින්නේ අදාළ මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?