AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවගේ කේරළ ගංජා ජාවාරම

නොච්චියාගම විල්පත්තුව වනෝද්‍යානයට ගමන් කරන හංදිය අසලදී සිදු කළ පරීක්ෂාවකදී ලක්ෂ 6කට වැඩි කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම කලාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නොච්චියාගම පුත්තලම ප්‍රධාන මාර්ගයේ විල්පත්තුව හන්දියේ රාජකාරි කරමින් සිටි අධිවේගී යතුරුපැදියේ ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් යතුරු පැදියකින් ගමන් කල කාන්තාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී සඟවා ගෙන සිටි කේරල ගංජා කිලෝ 1යි, ග්‍රෑම් 640ක් ප්‍රමාණය සොයා ගෙන තිබෙනවා.

සැකකාරිය ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇයගේ සොහොයුරන්ද කේරල ගංජා වෙළඳාමේ නිරත වන්නන් බවටයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?