කාන්තාවකට අමානුෂිකව පහරදුන් සිදුවීමක් සමාජ මාධ්‍ය කලඹයි

මීට සති කිහිපයකට පෙර නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ ෂාලිමාර් බාග් හි නේවාසික ජනපදයක කාන්තාවකට පිරිමින් කිහිපදෙනෙකු එක්ව අමානුෂික ප්‍රහාරයක් සිදුකරන අයුරු වීඩියෝවක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කර තිබේ.

38 හැවිරිදි කාන්තාවකට පොලු සහ යකඩ පොලුවලින් මෙම අමානුෂික ලෙස පහරදීම සිදුකරන අතර ඇය සමග ආ ඇගේ දියණියටද පහරදීමක් සිදුවේ. මෙම පහරදීම – අසල්වැසි ගොඩනැගිල්ලක සීසීටීවී වීඩියෝවක සටහන් වී ඇත – කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයෙන් බැස මද වේලාවකින් දෙදෙනාට පයින්, අතින් සහ පොලුවලින් පහර දෙන අයුරු දැක්වේ. පිරිමි පිරිසක්, පොලු අතැතිව එකතු වී, නේවාසික ජනපදයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී කාන්තාවට අනුකම්පා විරහිත ලෙස පහර දීමට පටන් ගනී. පසුව එම කාන්තාව තම මෝටර් රථය අසල වැතිර සිටියදී උදව් ඉල්ලා කෑගසන්නට වූ විට සැකකරුවන් එම ස්ථානයෙන් පළායන අයුරුද දැක්වේ.
පහරදීම නිසා රෝහල් ගතවූ කාන්තාව දින 11 ක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය අතර එම කාන්තාව සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ මෙම පහරදීම AAP මන්ත්‍රීනී බන්දන කුමාරිගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

පහරදීම සිදුකළ කාන්තාවන් දෙන්නා අත්අඩංගුවට ගෙන ඇති අතර පිරිමින් 4 දෙනා තවමත් අත්අඩංගුවට පත්ව නැත. AAP මන්ත්‍රීනී බන්දන කුමාරිගේ ස්වාමිපුරුෂයාට එරෙහිව පහරකෑ කාන්තාව මානව හිමිකම් නඩුවක් ගොනුකර තිබූ බැවින් මෙම පහරදීම සිදුකර ඇති බවට විශ්වාස කරයි. කෙසේ වෙතත් එකී දේශපාලනඥවරිය චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27