AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ගහන්න ගිහින් අමාරුවේ වැටුණ ෂාහිඩ්

හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයර් සම්මාන කිහිපයක්ම දිනාගන්නට සමත් වූ ෂහිඩ් කපූර්ගේ නවතම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. තෙළෙඟු චිත්‍රපටයක් අනුසාරයෙන් නිර්මාණය වී ඇති ෂාහිඩ්ගේ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ජර්සි’ ලෙසය.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු වටා ගේතුණු කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගිය සති අන්තයේදී නිකුත් කරනු ලැබීය. එම උත්සවය අමතමින් ෂාහිඩ් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරිම හිතන තරම් ලේසි දෙයක් නොවන බව පවසා ඇත. අවුරුදු 40ක් වයසැති තමන් පාසල් කාලෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලැබුවේ මෙම චිත්‍රපටයේදී බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?