ක්‍රිකට් පිටියේ කිරුළු පැළදූ ක්‍රිස් ගේල්ගේ වාර්තාවක් ජොස් බට්ලර්ගේ නමින් ලියවෙයි

හිටපු බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සතුව මෙතෙක් පවතී වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගැනීමට එංගලන්තයේ ජෝස් බට්ලර්ට හැකියාව ලැබුණා.

ඒ. ක්‍රිස් ගේල් විසින් පිහිටුවා තිබූ විස්සයි විස්ස ආකෘතියේ ජාත්‍යන්තර හෝ වෙනත් ආකාරයේ තරගවලදී මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් රැස්කර ගත්, ”මුළු ලකුණු සංඛ්‍යාවේ වාර්තාව” බිඳ හෙළමින්.

ක්‍රිස් ගේල් විසින් විස්සයි විස්ස තරගවලදී ලකුණු 14,562ක් රැස්‌කර ගනිමින් පිහිටුවා තිබූ එම වාර්තාව, එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් පසුකර ගියේ, සිය විස්සයි විස්ස තරග රටාවේ ලකුණු මල්ල 14,572ක් දක්වා තරකර ගනිමින්.

කෙසේ වෙතත් ජෝස් බට්ලර්හට මෙම වාර්තාව පිහිටුවීම සඳහා විස්සයි විස්ස ඉනිම් 487ක් වැය වූ අතර ක්‍රිස් ගේල් එම වාර්තාව පිහිටුවා තිබුණේ ඉනිම් 455ක් පමණක් ක්‍රීඩා කරමිනුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්