ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන් 35 දෙනෙක් දොට්ට දමයි

​ජාතික, ප්‍රාදේශීය සහ පාසල් මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවන් 35 දෙනෙකුට ආසන්න පිරිසකගේ සේවය, ​ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

වසර 20ක් වැනි දීර්ඝ කාලසීමාවක් පුරා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පළපුරුදු පුහුණුකරුවන් රැසක් මෙම පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ.

​නව බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, ප්‍රධාන විධායක නිලධාරී (CEO) මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වෙතද දැනුම් දුන්නද මෙතෙක් කිසිදු සාධාරණ පිළිතුරක් ලැබී නොමැති බවද සේවා අත්හිටුවීමට මුහුණ දී සිටින පුහුණුකරුවන් පවසනවා.

මේ දිනවල ක්‍රියාත්මක වන වයස අවුරුදු 15න් පහළ ජාතික මට්ටමේ තේරීම් තරගාවලි අතරතුර මෙලෙස එක්වරම සේවය අත්හිටුවීම, ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතයට සහ තරගාවලි සංවිධානයට දැඩි බාධාවක් එල්ල වන බව එම පුහුණුකරුවන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06