කහටගස්දිගිලිය මාරක අනතුරකින් දැරියකට දිවි අහිමිවෙයි

පුත්තලම – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය, කුඩාපට්ටිය හංදිය ආසන්නයේ දී සිදු වූ අනතුරකින් 12 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් 08 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා.

කාන්තාවක් ධාවනය කළ යතුරුපදියක් ත්‍රිකුණාමලය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී යතුරුපැදිය ධාවනය කළ කාන්තාව සහ එහි ගමන්ගත් ඇයගේ දියණියන් දෙදෙනා බරපතල තුවල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති අතර, එහිදී 12 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කුඩාපට්ටිය සද්ධාතිස්ස මහා විද්‍යාලයේ පැවති ආගමික වැඩසටහනක් අවසන් වී දැරියන් දෙදෙනා ඊයේ (04) සවස සිය මව සමඟ යතුරුපැදියෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී දැරියන් දෙදෙනා ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29