කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හදිසි අවස්ථාවල දී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා තාවකාලිකව කරනු ලබන ආඥාවක් ලෙස මෙම නියෝගය නිකුත්කර ඇති අතර, පූජා භූමියේ පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදුනොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නියෝගයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්