AFC Banner
AFC Banner
Empty Ad

කලපුවක මළසිරුරක්

හුංගම – කලමැටිය කුරුළු අභය භුමිය ප්‍රදේශයේ කලපුවේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

හුංගම පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම කලපුවේ මසුන් ඇල්ලීමට ගිය 42 හවිරිදි දෙදරු පියෙකු බවයි.

ඔහුගේ මළසිරුර අද (16) දහවල් සොයාගෙන ඇති අතර වැලිහේතුගේ සාගර නමැති මෙම පුද්ගලයා සිය ඔරුවෙන් පෙරවරුවේ කලපුවට ගොස් තිබෙනවා.

දහවල් කාලය වන තෙක් හෙතෙම නිවෙසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමේ දී ඔහු කලපුවේ ඇද වැටී ජීවිතක්ෂයට පත් ව සිටින අයුරුයි දැක ඇත්තේ.

හුංගම තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මරණකරුගේ මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?