කන්තලේ සීනි කම්හල බලන්න ඇමති හඳුන් ගිහින්

මේ වනවිට නිෂ්පාදන කටයුතු නවතා දමා තිබෙනවා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගොස් තිබෙනවා.

1993 වසරේ සිට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති මෙම කර්මාන්තශාලාව ශාලාව සතුව අක්කර 22000 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවතිනවා.

එම ඉඩම් වලින් කොටසක් තාවකාලිකව බඩ ඉරිඟු වගාව සඳහා ගොවීන් වෙත මේ වනවිට ලබා දී තිබෙනවා.

නැවත උක් වගාව සිදුකිරීමට හැකි ශක්‍යතාව අධ්‍යනය කිරීමට ද, මේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ හැකි වෙනත් කර්මාන්ත සඳහා ඉඩම් අවශ්‍යව ඇති බැවින් මෙම ඉඩම්වලින් කොටසක් ඒ සඳහා නිදහස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?