AFC Banner
AFC Banner
Empty Ad

කතානායක ඉල්ලා අස්වෙන්න තීරණය කරයි (වීඩියෝ)

කතානායක අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (13) ඔහු මේ බව සඳහන් කළා.

අදාළ නිවේදනය මඟින් ඔහු ප්‍රකාශකර ඇත්තේ සිය අධ්‍යාපන සුදුකම් සනාථ කිරීම සදහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමන් සන්තකයේ නොමැති බවයි.

එම ලියකියවිලි අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ඒවා මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර බවයි ඔහු පවසන්නේ.

ඒ, අනුව මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් තමන් කෙරෙහි විශ්වසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වළක්වාලමින් තමන් දැනට කතානායක ධුරෙයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
24
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?