කතරගම වන්දනාවේ පැමිණි නඩයක් අනතුරකට ලක්වෙයි – එක් අයෙක් මරුට – 10කට තුවාල

කතරගම වන්දනාවේ පැමිණි වෑන් රථයක් තිස්සමහාරාමය – පන්නෙගමුව ප්‍රදේශයේ අනතුරකට ලක් වීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (19) පස්වරු 06.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් දසදෙනකු තුවාල ලබා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව ලෙස විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් නවතා තිබූ ලොරි රථ දෙකක ගැටීමෙන් මෙය සිදු ව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 57 හැවිරිදි රුවන් පතිරණගේ පියසේන නමැති යාය 01, විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?