කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට ආ අනෙක් වෙඩික්කරු රාජාංගණයේ දී අල්ලයි

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකුට පසුගිය 22 වනදා වෙඩි තැබීමට තැත්කිරීමේ සිද්ධියේ පළාගිය සැකකරු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු රාජාංගණය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ.ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් පොලිසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරකයෙකුගේ නිවස තුළ පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීමට තැත්කර තිබූ අතර, එලෙස පැමිණි එක් වෙඩික්කරුවෙක් නිවසේ තාප්පයෙන් පැනීමට යාමේ දී පාදයේ අස්ථි බිදීමට ලක්ව තාප්පය අසළ වැටී සිටිය දී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පලාගිය අනෙක් වෙඩික්කරුයි ඊයේ මෙලෙස රාජාංගණය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ; පසුගිය 08 වනදා කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී ව්‍යාපාරික ස්ථානයක් තුළ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මොහු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51