කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම අද ඇරඹේ

මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා නව නළ මාර්ගයක් එළීමේ කටයුතු අද (02) ආරම්භ කෙරෙනවා.

මෙම කටයුතු ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම නළ මාර්ගය කිලෝමීටර් 21ක දිගකින් යුක්ත වනවා.

මේ අතර, ඝන මීටර් 40,000ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75ක මුදලකට පිරිනැමීමට පසුගිය 21 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18