ඕමාන් මුහුදේ දී අතුරුදන් වූ 16න් 10ක් සොයාගෙන අවසන් – එක් අයෙක් මරුට

ඕමාන් මුහුදේ දී පෙරේදා (16) කොමරෝස් ධජය යටතේ ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවක් අනතුරකට ලක් ව පෙරලුණු අතර; එහිදී නැවේ සිටි කාර්‍යය මණ්ඩලයේ 16 දෙනා ම අතුරුදන් වුණා.

මෙම අතුරුදන් වීමෙන් පසුව එරට නාවික හමුදා ආරක්ෂක අංශ එක්ව විශේෂ මෙහෙයුමක් අතුරුදන් වූවන් සොයා ක්‍රියාත්මක කෙරෙමින් පැවති පසුබිමක දී ඊයේ රාත්‍රියේ දී අතුරුදන් වූ පිරිසෙන් 09 දෙනෙකු බේරාගත් බවටයි වාර්තා වූයේ.

ඉන් 08 දෙනෙකු ම ඉන්දියානුවන් වන බවත් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළි වුණා.

කෙසේවෙතත් තවත් 07 දෙනෙකු අතුරුදන් ව සිටි අතර ඔවුන් ද සොයා විමර්ශන ක්‍රියාත්මක වුණා.

නමුත් අද (18) දිනයේ දී එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට අතුරුදන් වූවන් 10 දෙනෙකු සොයාගෙන ඇති බවත්; ඉන් එක් නාවිකයෙකු අවාසනාවකට ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

එම්.ටී. ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නමැති මැරීන් නෞකා සමාගමට අයත් අදාළ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි සාමාජිකයින් 16 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් 13 දෙනෙකු ම ඉන්දීය සම්භවයක් සහිත නිලධාරීන් වන අතර සෙසු තිදෙනා ශ්‍රී ලාංකිකයින් බවයි වාර්තා වූයේ.

මෙම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යමින් සිටියදී ඕමානයේ ප්‍රධාන කාර්මික වරාය වන ඩුක්ම් අසල දී පෙරළී ගියා.

ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය X පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ;

“සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ථක ව ප්‍රෙස්ටීජ් ෆෝල්කන් තෙල් නැවේ අවසන් කළා. කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සොයාගෙන ඇති අතර; ඒ අතර 9 දෙනෙකු ජීවතුන් අතර සිටියි. නමුත් ඛේදජනක ලෙස, එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා..” යනුවෙන්.

මෙම මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ මේ දිනවල ඕමාන මුහුදු තීරයේ ඇති දැඩි සුළං තත්ත්වයක් ද හමුවේ බවත් වාර්තා වනවා

ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීම දිගින් දිගට ම සිදු කරන බව ඕමාන රජය සහ ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55