ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව සූදානම් – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අනුරාධපුර පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා

අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කළා.

පසුව හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි මහ සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් අතර, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥාණතිලක හිමියන් ද බැහැ දුටුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
1
හරි හිනා !
16
හම්මෝ !
4
මාර දුකයි !
16
මලපනිනව !
7
කුජීතයි !
34
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?