Fly high Get bonus Aviator Phone

ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 14ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ අනුව තවත් තරග දෙකක් තිබියදී මෙවර තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ජයගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියනුවන් සමත් විය.

එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 68කට දැවී ගියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 185කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 267ක් රැස් කළේය.

මාකස් හැරිස් ලකුණු 76යි. ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් දවා ගත්තේය.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනය එංගලන්ත පිතිකරුවන්ට සුබ දිනයක් නොවීමට ඔස්ට්‍රේලියානු වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් වගබලා ගත්තේය.

ඔහු ලකුණු 7ක් පමණක් ලබාදී කඩුලු 6ක් දවා ගත්තේ තරගයේ වීරයා බවට පත්වෙමිනි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

මෙම තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?