එළුවෙකුගේ දිවි බේරන්න ගිහින් ළමයෙකුගේ දිවි අහිමිවෙයි

කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට කුච්චවේලි පොලිසිය පවසනවා.

ඊයේ (10) උදෑසන කාලයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙක්.

අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාට ද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර විදුලි සැර වැදී රස්නායකපුර පොලිස් වසමේ තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුඩා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙම පුද්ගලයා ද ඊයේ (10) උදෑසන විදුලි සැර වැදී මෙලෙස මියගොස් ඇති අතර, ඔහු රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක අයෙක්.

වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56