AFC Banner
AFC Banner
Empty Ad

එඩ්වඩ් කුමරුට අලුත් තනතුරක්

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු එඩින්බරෝ හි නව ආදිපාදවරයා ලෙස නම් කර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

කුමරුගේ 59 වැනි උපන්දිනයේදී III වන චාල්ස් රජු විසින් පිරිනමන ලද මෙම ධුරය ඔහුගේ ජීවිත කාලය සඳහා ම වලංගු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එඩින්බරෝ හි හිටපු ආදිපාදවරයා වූයේ 2021 වසරේදී අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරු වන අතර ඔහුගේ විවාහ මංගල්‍ය දින උදෑසන ඔහුට එම පදවිය ලබා දුන්නේ පසුව දෙවන එලිසබෙත් රැජින බවට පත් වූ එලිසබෙත් කුමරිය විසිනුයි.

එඩින්බරෝ හි නව ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන සොෆී එඩින්බරෝ හි සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේනයේ ගැටුමේ පළමු වසර සනිටුහන් කරමින් අද ස්කොට්ලන්ත අගනුවර පැවැත්වෙන උත්සවයකට මෙම යුවළ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එඩ්වඩ් කුමරු එඩින්බරෝ හි ආදිපාදවරයා බවට පත්වන්නේ වසර 70කට වැඩි කාලයක් එම පදවිය හෙබවූ ඔහුගේ පියා වන පිලිප් කුමරුගේ අභාවයෙන් වසර දෙකකට පමණ පසුවයි.

මේ අනුව සිංහාසනයේ අනුප්‍රාප්තිකයා ලෙස 13 වැනියා වන එඩ්වඩ් කුමරු, ඔහුගේ නැසීගිය පියාට සමාන පදවි නාමයක් සහිත ආදිපාදවරයෙකු ලෙස මැයි මාසයේ රාජාභිෂේකයට සහභාගී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?