එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන නඩුව කැඳවීමට දින දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය සහ අගතියට පත් වූවන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දියක් ගෙවන ලෙස අදාළ නැව් සමාගම් වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ නඩුවක් ඔක්තෝම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ගොනුකර තිබුණේ පරිසරවේදීනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින්.

නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී නියෝග කළේ එය ඔක්තෝබර් මස 09 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසයි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට සාගර තීරයට මෙන්ම ඒ හා සම්බන්ධ පරිසර පද්ධතියට දැඩි අගතියක් සිදු වූ බවයි.

එසේම ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයන් ඇතුළු සංචාරක කර්මාන්තය නියුක්ත වූවන්ට ද දැඩි අගතියක් සිදු වී ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

එසේ සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් ලෙස තක්සේරු කර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන්.

එම වන්දි මුදල ගෙවීම අදාල නෞකා සමාගම මෙන්ම ඊට සම්බන්ධ රක්ෂණ සමාගම් ද මේ දක්වා පැහැර හැරීමට ඇති බවත් පැමිණිල්ල තුළින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ වන්දි ගෙවන ලෙස අදාළ පාර්ශවයන් වෙත නියෝග නිකුත් කරන ලෙසටයි පැමිණිලිකරුවන් කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42