උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුවීම් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර විශේෂ කාර්යාංශයේ සිට නැගෙනහිර පළාත දක්වා ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත් සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි මාරු කර යවා ඇත්තේ.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩ බැලීම සඳහාද පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම විශේෂ ආරක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණානායක එම තනතුරේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමරිකර යවා තිබෙනවා.

මීට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් හයදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08