උතුරු මැද පලාතේ පාසල්වල වාර විභාගය සදහා අද (29) ලබා දුන් එකොළොස්වන ශ්‍රේණියේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය මිට දින හතරකට පෙර පිටකර ඇති බැවින් ඒ පිළිබදව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය උතුරු මැද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දෙනවා.
අද ඔහුට පැමිණිල්ලක් යොමු කළ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුර,පොලොන්නරුව හා දිඹුලාගල අධ්‍යාපන කලාපවල උපකාරක පන්තිවල ගුරුවරුන් විසින් රැපියල් දහස (1000) බැගින් සිසුන් ගෙන් මුදල් අයකර මෙම ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කර ඇති බව සදහන් කළා.
එසේම ඇතැම් ගුරුවරුන් ප්‍රශ්න පත්‍රය whatsapp මගින් රුපියල් පන්සියයකට (500) අළෙවි කර ඇති බවද ලංකා ගුරු සංගමය පැවසුවා.
මෙි පිලිබදව පොලොන්නරුව හා අනුරාධපුර පාසල් හයක විදුහල්පතිවරුන්ද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.
”ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරිම සිදු කරන පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ එම ප්‍රශ්න පත්‍රවල
රහස්‍යභාවය රැකිමයි.මෙි පිලිබදව පොලිසියට පැමිණිලි කළ යුත්තේ අපි නෙමේ.පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.
මෙවර වාර විභායේ ගණිතය ප්‍රශ්න පත්‍රයද පිට වි ඇතිබවට තොරතුරු තියෙනවා.මෙි සමිබන්ධයෙන් පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කඩිනමින් පරික්ෂණයක් සිදු කර මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවිම වැලැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” යනුවෙන් සභාපතිවරයා පැවසීය.