උතුරු නැගෙනහිර මෙතෙක් පැවැති මහවිරු සැමරුම් ගැන වාර්තාවක් අධිකරණයට

උතුරු නැගෙනහිර පළාත්වල මියගිය කොටි සාමාජිකයින් සිහිපත් කරමින් මෙතෙක් පැවැත් වූ “මහවිරු සැමරුම් උත්සව” සම්බන්ධයෙන් සිදුකළ පූර්ණ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මහාවිරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට එවා තහනම් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ආනන්ද ජයමාන මහතා විසින් කළ රිට් පෙත්සමක් ඊයේ (21) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළා.

අදාල පෙත්සම එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අභියාචනාදීකරණය හමුවේ කරුණු දක්වමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉකුත් නොවැම්බර් මස පැවැති මහා විරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ අනුව, අදාල පෙත්සම ඊයේ (22) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයා විසින් එවැනි ප්‍රතිඥාවක් ලබා දීම හේතුවෙන් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ අනුව, අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් වල මෙතෙක් පැවති මහාවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සිදුකළ පරීක්ෂණවල පූර්ණ වාර්තාවක් තමා අධිකරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් ඉන් පසුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම සලකා බලන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාල විමර්ශන වාර්තාව අධිකරණය හමුවේ ගොනුකරන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම සලකා බලන බවත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43