උණුසුම් කාලගුණ තත්තවය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක්

නැගෙනහිර, උතුරු මැද පළාත්වල සහ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (20) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මඟින් මේ පිළිබඳව නිකුත් කරන නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් කර තිබෙනවා.