spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් ඊයේ දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම කාන්තාව උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළේ සිට ඉතියෝපියාවේ අඩිස්අබාබා ගුවන් තොටුපළ වෙත පැමිණ එතැන් සිට කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඉන් අනතුරුව ඇය එම ගුවන් තොටුපළේ සිට යළිත් කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපළ වෙත පැමිණ ඊයේ දින උදෑසන 09.00ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම උගන්ඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ ගේට්ටුව අසළ දී ඇය නවතා ප්‍රශ්න කිරීම් වලදී ඇති වූ සැකය මත ඇයගේ සිරුර , ගුවන් තොටුපළ පරිලෝකන යන්ත්‍රයක් (Scan) මගින් පරීක්ෂා කිරීමේදී ඇයගේ උදරය තුළ මෙම කොකේන් ගුලි 100 ක් පමණ ඇති බව අනාවරණය වී තිබේ.

ඊයේ දින රාත්‍රී 09.00 පමණ වනවිට ඇය මෙසේ ගිල දමා ඇති කොකේන් ගුලි 51 ක් එළියට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී ඇත.

මෙම කොකේන් ගුලි පොලිතීන් ඇසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් අසුරා තිබි ඇත.

ඒ අනුව මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් එළියට දමා ඇති කොකේන් ගුලි තොගය ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

මෙම කාන්තාව එම නිලධාරීන් විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම කාන්තාව විසින් ගිල දමා ඇති ඉතිරි කොකේන් ගුලි තොගය ද පිටතට ගැනීමට ප්‍රයත්න දරමින් සිටිති .

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?