ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම ගැන විදේශ අමාත්‍යාංශයේ අවධානය

ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකික සේවකයින්ගේ නැවත දිවයිනට පැමිණීමට කැමති ඉල්ලීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑතකදී එදිරිවාදිකම් උත්සන්න වීමෙන් පසුව ඊශ්‍රායලය සහ ඉරානය සිය ගුවන් කලාප දෙකම වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ගුවන් කලාප නැවත විවෘත කිරීමෙන් පසු දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, හදිසි අවස්ථාවලදී අදාළ තානාපති කාර්යාල සම්බන්ධ කර ගැනීම සඳහා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

වැඩිදුර තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය 0112 325 373 හෝ 0112 207 200 අංකයට ඇමතීමෙන් හෝ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක් කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන ආතතීන් මාධ්‍යයේ ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ.

නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?