ඊයේ සිදු වූ රිය අනතුරු නිසාත් පුද්ගල දිවි අහිමි වීම් 04ක්

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ නායවල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කල පදිකයෙක් මෝටර් රථයකින් හප්පා පලාගොස් තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ පැදීම පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඊයේ (02) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් වූ ලිදුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම මහව, නාගොල්ලාගම මාර්ගයේ වීහේනේගම ප්‍රදේශයේදී මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර වෑන් රථය ද නවතා තිබූ පාපැදියක, තාප්පයක සහ දුරකතන රැහැන් කණුවක ගැටී ඊයේ (02) දිනයේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මහව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ ජනජයපුර,මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

තවත් රිය අනතුරක් අනුරාධපුර පොලිස් වසමේ දුටුගැමුණු මාලිගාව ආසන්නයේදී වාර්තා වනවා.

ලෝලුගස්වැව වටරවුම දෙස සිට තිසාවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කළ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා අනුරාධපුරය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදියක පැදිකාරිය මියගොස් තිබුණා.

එලෙස ඊයේ (02) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ කටුකැලියාව, අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තවද ඊයේ දින සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ නෙළුම්වැව ප්‍රදේශයේදී නෙළුම්වැව දෙස සිට බොරවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ගමන් කල ත්‍රීරෝද රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 15 ක් වූ නෙළුම්වැව, පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?