ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් 1,542ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණින් දීප ව්‍යාප්තව මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරෙනවා.

ඒ අනුව, ඊයේ (31) දිනයේදී මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 5,866ක ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.

එහිදී පුද්ගලයන් 23,321ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම වාහන 9,682ක ප්‍රමාණයක් ද, යතුරු පැදි 6,611ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1,107ක ප්‍රමාණයක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එමෙන්ම, අපරාදවලට සෘජු ලෙස සම්බන්ද පුද්ගලයන් 12දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 02ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසි පවසනවා.

වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?