ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් එම කණ්ඩායම පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපත් අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන අය ඇතුළත් වේ.

විශේෂඥ මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ භූමදාන කටයුතු සිදුකළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියේ දී සිරුර ගොඩගැනීමට නියමිතව තිබේ.

එම ප්‍රදේශයේ මහෙස්‍ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුත්ත සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

16 හැවිරිදි ජේ. ඉෂාලිනි පසුගියා දා පිළිස්සී තුවාල ලබා සිටිය දී ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදි පිළිස්සි මියගිය 16 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් අද යළිත් මන්ත්‍රිවරයාගේ නිවසට පැමිණියේය.

එහිදි මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ තවත් තරුණයෙකු  ප්‍රකාශ ලබා ගැනිම සඳහා නිලධාරින් විසින් රැගෙන යනු ලැබූ  බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඩයගම ප්‍රදේශයට ගොස් සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායම අදත් එම වතුයායේ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මීට පෙර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ අයගෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතින්ගෙන් මේවන විට පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන අවසන්ය.

පොලීසිය පැවසුවේ බදියුදින් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ එහෙත් දැනට මෙම ඩයගම ප්‍රදේශය හැර ගොස් සිටින අයගෙන්ද ඉදිරියේ දී ප්‍රකාශ ලබා ගන්නා බවය.

මේ අතර දැරිය මියයාමේ සිද්ධියට අදාළව වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසට බල කරමින් ළිඳුල ග්‍රේට් වෙස්ටර්න් වත්තේ වතුකම්කරුවන් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.

එමෙන්ම මහනුවර වත්තේගම මඩොල්කැලේ වතුයායේ වතු කම්කරුවන් ද අද විරෝධතාවක නිරත වුණේ එම සිදුවිම සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්ය.

රුවන්වැල්ල මොරලිය වතුයායේ වතුකම්කරුවන්ද මියගිය දැරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත විය.

මේ අතර ළමා අපයෝජන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනිම හා ඒ සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කරන ලෙස ඉල්ලා 43 වන සේනාංකයේ කාන්තා කණ්ඩායම අද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලිපියක් භාර දුන්නේය.

මහනුවර පොත්තපිටිය වතුයායේ දෙමළ ජනතාවද අද පස්වරුවේ මියගිය ඉෂාලිනිට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ අනුරුවකට ගිනි තැබීමද සිදුකළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44