ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් එම කණ්ඩායම පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපත් අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන අය ඇතුළත් වේ.

විශේෂඥ මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ භූමදාන කටයුතු සිදුකළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියේ දී සිරුර ගොඩගැනීමට නියමිතව තිබේ.

එම ප්‍රදේශයේ මහෙස්‍ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුත්ත සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

16 හැවිරිදි ජේ. ඉෂාලිනි පසුගියා දා පිළිස්සී තුවාල ලබා සිටිය දී ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදි පිළිස්සි මියගිය 16 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් අද යළිත් මන්ත්‍රිවරයාගේ නිවසට පැමිණියේය.

එහිදි මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ තවත් තරුණයෙකු  ප්‍රකාශ ලබා ගැනිම සඳහා නිලධාරින් විසින් රැගෙන යනු ලැබූ  බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඩයගම ප්‍රදේශයට ගොස් සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායම අදත් එම වතුයායේ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මීට පෙර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ අයගෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතින්ගෙන් මේවන විට පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන අවසන්ය.

පොලීසිය පැවසුවේ බදියුදින් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ එහෙත් දැනට මෙම ඩයගම ප්‍රදේශය හැර ගොස් සිටින අයගෙන්ද ඉදිරියේ දී ප්‍රකාශ ලබා ගන්නා බවය.

මේ අතර දැරිය මියයාමේ සිද්ධියට අදාළව වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසට බල කරමින් ළිඳුල ග්‍රේට් වෙස්ටර්න් වත්තේ වතුකම්කරුවන් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.

එමෙන්ම මහනුවර වත්තේගම මඩොල්කැලේ වතුයායේ වතු කම්කරුවන් ද අද විරෝධතාවක නිරත වුණේ එම සිදුවිම සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්ය.

රුවන්වැල්ල මොරලිය වතුයායේ වතුකම්කරුවන්ද මියගිය දැරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත විය.

මේ අතර ළමා අපයෝජන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනිම හා ඒ සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කරන ලෙස ඉල්ලා 43 වන සේනාංකයේ කාන්තා කණ්ඩායම අද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලිපියක් භාර දුන්නේය.

මහනුවර පොත්තපිටිය වතුයායේ දෙමළ ජනතාවද අද පස්වරුවේ මියගිය ඉෂාලිනිට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ අනුරුවකට ගිනි තැබීමද සිදුකළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?