ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට

ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් විසින් පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප නියම කළ ද ඔහුට තවත් සති කිහිපයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුවන බව වාර්තා වනවා.

ඒ නිල රහස්‍ය ලේඛනයක් හෙළිදරව් කිරීම සම්බන්ධ නඩුවකට ත්‍රස්ත විරෝධී අධිකරණයක් අද ඔහුගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම හේතුවෙන්.

පෙරේදා ඔහුට ඇප ලැබුණ ද අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක රැඳී සිටීමට සිදුවනු ඇති බව විත්තියේ නීතිඥයෙකු සඳහන් කර තිබෙනවා.

නැගෙනහිර පන්ජාබ් පළාතේ අධි ආරක්ෂිත ප්‍රහාරක බන්ධනාගාරයක පැවති නඩු විභාගයකින් පසුව ත්‍රස්ත විරෝධී අධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීළඟ නඩු විභාගය සැප්තැම්බර් 2 වැනිදා සිදුකිරීමට නියමිතයි.

ඉම්රාන් ඛාන්ගේ අනෙක් නීතීඥ සල්මන් සෆ්දාර් වාර්තාකරුවන්ට පැවසුවේ මිළඟ නඩුවේදී ඛාන්ට ඇප ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි. එමගින් තාර්කික නොවන සහ ව්‍යවස්ථා විරෝධී ලෙස හිටපු අගමැතිවරයා සිරගත කිරීම අභියෝගයට ලක් කරන බව ද ඔහු සඳහන් කළා.

ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් විසින් හිටපු අගමැතිවරයාගේ දූෂණ චෝදනාව සහ තෙවසරක සිරදඬුවම අත්හිටුවීමෙන් පසු ඔහුට ඇප නියම කරනු ලැබුවා.

වෙනත් අධිකරණයක් විසින් වරදකරු කර දඬුවම් නියම කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් ඔහු අගෝස්තු 5 වැනිදා සිට සිරගතවයි පසුවන්නේ.

2022 වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්දයකින් ඔහු නෙරපා හැරීමෙන් පසු ඉම්රාන් ඛාන් නඩු 150 කට වැඩි ගණනකට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔහුට එරෙහි එක් ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් අගෝස්තු මස මුලදී ලියාපදිංචි කරන ලද්දේ “නිල රහස් ලේඛනයක් හෙලිදරව් කිරීම” යන චෝදනාව මතයි.

අත්අඩංගුවට ගැනීමට පෙර, ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියේ කියා සිටියේ තමා ඉවත් කිරීම ඇමරිකා එක්සත් ජනපදය, ඔහුගේ අනුප්‍රාප්තික ෂෙබාස් ෂරීෆ් සහ පකිස්ථාන හමුදාවේ කුමන්ත්‍රණයක් බවයි.

ඉම්රාන් ඛාන් දිගටම බන්ධනාගාරයේ රඳවා තබා ගැනීම වසර අගදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට වාසියක් ලබා දෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?