ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට

ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් විසින් පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප නියම කළ ද ඔහුට තවත් සති කිහිපයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුවන බව වාර්තා වනවා.

ඒ නිල රහස්‍ය ලේඛනයක් හෙළිදරව් කිරීම සම්බන්ධ නඩුවකට ත්‍රස්ත විරෝධී අධිකරණයක් අද ඔහුගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම හේතුවෙන්.

පෙරේදා ඔහුට ඇප ලැබුණ ද අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක රැඳී සිටීමට සිදුවනු ඇති බව විත්තියේ නීතිඥයෙකු සඳහන් කර තිබෙනවා.

නැගෙනහිර පන්ජාබ් පළාතේ අධි ආරක්ෂිත ප්‍රහාරක බන්ධනාගාරයක පැවති නඩු විභාගයකින් පසුව ත්‍රස්ත විරෝධී අධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීළඟ නඩු විභාගය සැප්තැම්බර් 2 වැනිදා සිදුකිරීමට නියමිතයි.

ඉම්රාන් ඛාන්ගේ අනෙක් නීතීඥ සල්මන් සෆ්දාර් වාර්තාකරුවන්ට පැවසුවේ මිළඟ නඩුවේදී ඛාන්ට ඇප ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි. එමගින් තාර්කික නොවන සහ ව්‍යවස්ථා විරෝධී ලෙස හිටපු අගමැතිවරයා සිරගත කිරීම අභියෝගයට ලක් කරන බව ද ඔහු සඳහන් කළා.

ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් විසින් හිටපු අගමැතිවරයාගේ දූෂණ චෝදනාව සහ තෙවසරක සිරදඬුවම අත්හිටුවීමෙන් පසු ඔහුට ඇප නියම කරනු ලැබුවා.

වෙනත් අධිකරණයක් විසින් වරදකරු කර දඬුවම් නියම කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් ඔහු අගෝස්තු 5 වැනිදා සිට සිරගතවයි පසුවන්නේ.

2022 වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්දයකින් ඔහු නෙරපා හැරීමෙන් පසු ඉම්රාන් ඛාන් නඩු 150 කට වැඩි ගණනකට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔහුට එරෙහි එක් ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් අගෝස්තු මස මුලදී ලියාපදිංචි කරන ලද්දේ “නිල රහස් ලේඛනයක් හෙලිදරව් කිරීම” යන චෝදනාව මතයි.

අත්අඩංගුවට ගැනීමට පෙර, ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියේ කියා සිටියේ තමා ඉවත් කිරීම ඇමරිකා එක්සත් ජනපදය, ඔහුගේ අනුප්‍රාප්තික ෂෙබාස් ෂරීෆ් සහ පකිස්ථාන හමුදාවේ කුමන්ත්‍රණයක් බවයි.

ඉම්රාන් ඛාන් දිගටම බන්ධනාගාරයේ රඳවා තබා ගැනීම වසර අගදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට වාසියක් ලබා දෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25