ඉන්ධන මිල පහත බසියි

ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වනවා.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178ක්.

මේ අතර, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?