ඉන්දුනීසියාවේ මෙරාපි යළිත් සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද ඉරිදා පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස ද මෙරාපි ගිනි කන්ද හැදින්විය හැකියි. එහි උණුසුම් අළු සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් කිලෝමීටර තුනක් උසට අහසට විහිදී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගිනි කන්ද ආසන්නයේ පිහිටි බුකිටින්ගි නගරයේ ලක්‍ෂයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙරාපි ගිකි කන්ද, මීටර් 2,891 (අඩි 9,485) උසකින් යුක්ත වන අතර එය පිහිටා ඇත්තේ සුමාත්‍රා දූපතේ වන අතර, එහි ආවාටයේ සිට කිලෝමීටර් තුනක අරය තුළ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට කඳු නැගීම බලධාරීන් විසින් දිගු කලක් තිස්සේ තහනම් කර තිබුණි.

මේ වන විටත් එහි පිපිරීම් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?