ඉන්දීය සංචාරයෙන් භානුක රාජපක්ෂ හදිසියේ ම ඉවතට

ශ්‍රී ලංකා විශේෂඥ පන්දුවාර විස්ස පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දීය තරග සංචාරයෙන් හදිසියේ ඉවත් කර තිබෙනවා.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියට එක්වන මූලික සංචිතයට ඇතුළත් කර තිබූ භානුක රාජපක්ෂ එම සංචාරයට සූදානම් වීම සඳහා වන ජෛව බුබුලට ද ඇතුළත් ව සංචිතගත ව සිටියා.

කෙසේ වෙතත් ඔහු සංචිතයෙන් හදිසියේ ඉවත් කිරීම පිළිබඳ තවමත් නිශ්චිත හේතුවක් වාර්තා වී නැහැ.

මේ අතර පසුගිය දිනක ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක් වීම සඳහා අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ මට්ටම් සපුරා ලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිනුම ඔස්සේද දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව ඉන්දීය සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නො කිරීමට එකම හේතුව විය හැක්කේ, ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම සඳහන් කිරීමට අකමැති වූ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමට මැදපෙළ දැඩි ප්‍රහාරාත්මක පිතිකරුවෙකුගේ බරපතළ අඩුවක් ඇති බව නිමා වූ ඔස්ට්‍රෙලියානු සංචාරය තුළදීත් දක්නට ලැබුණු අතර ලෝක කුසලාන තරගාවලිය තුළ දී එම අඩුව ඉතා හොඳින් පිර වූ භානුක රාජපක්ෂ මෙලෙස හදිසියේ සංචිතයෙන් ඉවත් කිරීම් ප්‍රශ්න සහගත බවයි විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28