ඉන්දීය ජනරජයේ වැඩිම කලක් අගමැති පුටුවේ සිටි ජ්‍යේෂ්ඨතමයා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ජනරජයේ හිටපු අගමැතිවරයෙකු වන මන්මෝහං සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ දී හිටපු අගමැතිවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියෙහි පසුවුණා.

1932 සැප්තැම්බර් 26 බ්‍රිටිෂ් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ උපත ලැබූ මන්මෝහන් සිං 1958 දී Gursharan Kaur සමග විවාහ දිවියට එළඹෙන අතර ඔහු ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායකයෙකු ද ලෙස ද කටයුතු කළා.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන මන්මෝහන් සිං පන්ජාබ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් නුවර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මෙන් ම ඔක්ස්ෆර්ඩ් හි නෆීල්ඩ් විද්‍යාලයෙන් ද සිය දර්ශනපති උපාධිය ලබාගත් අයෙක්.

විශේෂඥ ආර්ථික විද්‍යාඥයෙකු වූ මන්මෝහං සිං වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ද වුණා.

ඉන්දීය ජනරජයේ විවිධ අමාත්‍ය ධුරවල (මුදල් අමාත්‍ය, ආර්ථික අමාත්‍ය) ද කටයුතු කර ඇති ඔහු එරට 13 වැනි අගමැතිවරයායි.

එමෙන්ම ඉන්දීය ජනරජයේ බිහි වූ දීර්ඝතම ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ ද මන්මෝහන් සිං වනු ඇති.

ඔහුගේ ධුර කාලය වර්ෂ 2004 සිට 2014 තෙක් දිවයන්නක්.

ඉන්දීය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ජ්‍යේෂ්ඨතමයාගේ වියෝව සම්බන්ධයෙන් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ;

ඉන්දියාව එහි වඩාත්ම කීර්තිමත් නායකයෙකුගේ වියෝව ගැන ශෝක වන” බව යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30