ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුම අද සිට බලාත්මක වෙයි

ලොව පස්වැනි සහ හයවැනි විශාලතම ආර්ථිකයන් හිමි ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුම අද (15) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වුණා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු එරට ඉතිහාසයේ අත්සන් කරන ලද විශාලතම සහ ආර්ථික වශයෙන් වැදගත්ම ද්විපාර්ශ්වික ගිවිසුම මෙය වන අතර, මේ හරහා බ්‍රිතාන්‍යය වෙත අපනයනය කරන ඉන්දියානු භාණ්ඩවලින් 99%කට සහ ඉන්දියාවට ආනයනය කරන බ්‍රිතාන්‍ය භාණ්ඩවලින් 90%කට පනවා තිබූ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ සීමා කිරීම සිදුවේ. මෙමඟින් දිගුකාලීනව බ්‍රිතාන්‍යයේ ද.දේ.නි පවුම් බිලියන 4.8කින් සහ ඉන්දියාවේ ද.දේ.නි පවුම් බිලියන 5.1කින් වාර්ෂිකව වර්ධනය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

මෙතෙක් කලක් බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි රටවලින් බ්‍රිතාන්‍යයට තීරුබදු රහිතව රෙදිපිළි අපනයනය කළද, ඉන්දියාවට 12%ක බද්දක් ගෙවීමට සිදුවීම නිසා අවාසිදායක තත්ත්වයක් පැවතුණා.

නමුත් නව ගිවිසුම යටතේ එම බදු ඉවත් වන බැවින් බ්‍රිතාන්‍යයේ රෙදිපිළි, ඇඟලුම් සහ පාවහන් වෙළඳපොළ තුළ ඉන්දියාවේ කොටස ඉදිරි කාලයේදී දෙගුණයකින් (6% සිට 12% දක්වා) ඉහළ යනු ඇතැයි CareEdge පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.

රෙදිපිළි ක්ෂේත්‍රයට අමතරව මෙම ගිවිසුම බ්‍රිතාන්‍ය මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ද විශාල පෙරළියක් වනු තිබෙනවා.

ඉන්දියාව විසින් බ්‍රිතාන්‍යයේ ‘ස්කොච් විස්කි’ (Scotch whisky) සඳහා පනවා තිබූ 150%ක සුවිශාල රේගු බද්ද ක්ෂණිකව 75% දක්වා අඩුවන අතර, ඉදිරි වසර 10 ඇතුළත එය ක්‍රමයෙන් 40% දක්වා පහත හෙළීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57