ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ආරක්ෂක සහ කාර්මික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින්, ප්‍රධාන අන්තර් රාජ්‍ය ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට දෙරට සූදානම් වෙමින් සිටිනවා.
ඒ යටතේ ඉන්දීය නාවික හමුදාව සඳහා සැලසුම් කරන Landing Platform Dock නෞකා හතරකට Integrated Full Electric Propulsion – IFEP පද්ධති සංවර්ධනය කර සවිකිරීම සහ Marlet Lightweight Multirole Missiles ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම ප්‍රධාන ව්‍යාපෘති ලෙස සැලකෙනවා.
IFEP තාක්ෂණය යොදාගැනීමෙන් නෞකා මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම, ඉන්ධන භාවිතය සහ විමෝචන අඩු කිරීම අපේක්ෂිතයි.
බ්‍රිතාන්‍යය මෙම තාක්ෂණයේ දිගුකාලීන අත්දැකීමක් ඇති රටක් වන අතර, Royal Navy ප්රමුඛ නෞකාවල ද එය භාවිත කර තිබෙනවා.
මෙයට අමතරව, ඉන්දියාවේ පස්වන පරම්පරාවේ AMCA ප්‍රහාරක යානය සඳහා 120kN ජෙට් එන්ජිමක් සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියට ද බ්‍රිතාන්‍යයේ Rolls-Royce දැඩි උනන්දුවක් දක්වනවා.
දෙරටේ ආරක්ෂක සහයෝගිතාව 2035 දක්වා ක්‍රියාත්මක 10-year Defence Industrial Roadmap යටතේ ව්‍යාප්ත කරමින් තිබෙන අතර, මිසයිල, නාවික තාක්ෂණය, ජෙට් එන්ජින්, දිය යට පද්ධති සහ නව ආරක්ෂක තාක්ෂණ ඒකාබද්ධව සංවර්ධනය කිරීම එහි අරමුණයි.
චීනයේ නාවික බලය ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන පසුබිමක, ඉන්දියාව 2035 වන විට නෞකා 200කට වැඩි නාවික බලයක් ගොඩනැගීමට ද ඉලක්කකර තිබෙනවා.













