තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.
පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර ඊයේ (02) පෙරවරු 8.30 සිය අද (03) පෙරවරු 8.30 දක්වා ගත වූ පැය 24ක කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එය මිලිමීටර් 191ක් ලෙසයි දැක්වෙන්නේ.
.













