spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා ?

රටේ වත්මන් තත්වය හමුවේ උග්‍ර පෙට්‍රල් හා ඩීසල් හිගයක් ඇති පසුබිමක දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

මේ හේතුවෙන් රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් මේ වන විට බෙදාහරිනු ලබන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයකි.

මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 කට වැඩිය. නමුත් මේ වන විට දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 3000 ක පමණ ප්‍රමාණයකි.

ඉකුත් මස 28 වැනිදා කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි්‍රක් ටොන් 37,500 කින් යුත් පෙට්‍රල් නෞකාව තවමත් ගොඩබා ගැනීමට නොහැකිවීම නිසා පෙට්‍රල් හිඟය මතුව ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 25,000 ක් පමණ තිබුණත් ඔක්ටේන් 95 පෙට්‍රල් කඳුලක්වත් සංස්ථාව සතුව නැතැයි හෙතෙම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?