ඉදිරියේදී දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා ?

රටේ වත්මන් තත්වය හමුවේ උග්‍ර පෙට්‍රල් හා ඩීසල් හිගයක් ඇති පසුබිමක දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

මේ හේතුවෙන් රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් මේ වන විට බෙදාහරිනු ලබන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයකි.

මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 කට වැඩිය. නමුත් මේ වන විට දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 3000 ක පමණ ප්‍රමාණයකි.

ඉකුත් මස 28 වැනිදා කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි්‍රක් ටොන් 37,500 කින් යුත් පෙට්‍රල් නෞකාව තවමත් ගොඩබා ගැනීමට නොහැකිවීම නිසා පෙට්‍රල් හිඟය මතුව ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 25,000 ක් පමණ තිබුණත් ඔක්ටේන් 95 පෙට්‍රල් කඳුලක්වත් සංස්ථාව සතුව නැතැයි හෙතෙම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09