Empty Ad
AFC Banner
AFC Banner

ඉතිහාසයේ පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය මාලිමාවට – බදුල්ලත් දිනයි (වීඩියෝ)

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුන්ට 28,475ක තැපැල් ඡන්ද හිමිව ඇති අතර එය ප්‍රතිශතාත්මකව 80.21%ක්.

සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ තැපැල් ඡන්ද 2985ක්.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාවට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.

33780ක් ජාතික ජන බලවේගයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමි වුණා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී කොළඹ සහ බදුල්ලේ තැපැල් ඡන්දවල බලය තමන් සතු කරගන්නට ජාතික ජන බලවේගය සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
20
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?