හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අදාළ තීන්දුව ද ප්‍රකාශයට පත් කිරීම.
මෙම නඩුවේ තීන්දුව බෙදුම් තීන්දුවක් ලෙස ලබා දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සහ තිලකරත්න බණ්ඩාර මහතා ඒකමතිකව එක් තීන්දුවක් ලෙසත් විරාජ් වීරසූරිය මහතා එක් තීන්දුවක් ලෙසත් ප්‍රකාශයට පත් කළා
එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවයි.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ – සභාපති – ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා.
නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ.
මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
මෙම සම්පූර්ණ ක්‍රියාකලාපය චූදිතයාගේ නොසැලකිලිමත්බව නොසලකාහැරීම පමණක් නොවෙයි ඉන් එහාට ගිය දෙයක්
ඒ අනුව චූදිත 1 – 855 දක්වා (511 හැර) සියලුම වරදවල්වලට සාධාරණ සාක්ෂි පැමිණිල්ලෙන් ඔප්පු කොට ඇත.
එම නිසා එකී සියළු චෝදනාවලට චූදිත වරදකරු බවට තීරණය කරනවා.
සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.
ඒ, අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා පැවසුවා.
අනතුරුව දෙපාර්ශ්වයේ නීතිඥයින්ට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන්නා.
ඒ අනුව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දැක්වූවා
ස්වාමීණී,
මෙම ඛේදවාචකය පුද්ගලිකව අත්විදපු කෙනෙක් මම අවුරුදු 08ක දරුවෙක්ගෙන් මම සාක්ෂි වැමසලා තියෙනවා
එයාගේ ඔලු කට්ට අයින් කරලා නැවත බද්ද කරලා තියෙනවා. මේ ක්‍රියාව වළක්වාගන්න තිබ්බා ඕනතරම්. ඔහු වයස්ගත පුද්ගලයෙක් නඩු කටයුතුවලටත් උපරිම සහයෝගය ලබා දුන්නා. ඔහුට සුදුසු දඩුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා
අනතුරුව හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වූවා.
ස්වාමීනී මොහු අවුරුදු 76 වයස පුද්ගලයෙක් වසර ගණනාවක් රාජ්‍ය ආයතන ගණනාවක සේවය කලා වසර ගණනාවක් මහ බැංකු සභාපති ලෙස ලාභ ඉපයීමටත් නවීකරණය කිරීමටත් කටයුතු කළා. ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කලා පරිවර්තනය කරන්න කටයුතු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය වන්දි මුදලක් පැනෙව්වා එයත් ගෙවා දැම්මා කොළඹ දිසා අධිකරණයේ සිවිල් නඩු ගණනාවක් තිබෙනවා ඒවටත් අඛන්ඩව සහභාගි වෙනවා. ඔහුට හෘද සැත්කමක් සදහා වෛද්‍ය උපදෙස් දීලා තියෙනවා. ඒ සැත්කම කරොත් ඔහුට නේවාසිකව ප්‍රතිකාර ගන්න වෙනවා. එය නඩුවට බාධාවක් නිසා සැත්කම කලෙත් නැහැ මේ කාරණා සලකා බලා ලිහිල්ම දඩුවමක් දෙන ලෙස ඉල්ලා සිටිනවා
අනතුරුව,
1-33
68-123
269-283
691-699
723-744
763-793
854-855 දක්වා චෝදනා සම්බන්ධයෙන් චූදිතට මරණ දඩුවම නිකුත් නොකිරීමට හේතු තිබේ නම් අධිකරණයට දන්වන ලෙස විනිසුරුවරුන් දන්වා සිටියා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කරුණු දැක්වුවා.
ස්තූතියි මට කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබා දුන්නට සභාපති විනිසුරුතුමා
ස්වාමීනී, ඔබතුමා ඉදිරිපත් කරපු චෝදනා බොහොමයකට එකඟ වෙන්නේ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නැහැ. තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තනතුරයි. ඒ තනතුරුත් අනෙකුත් අමාත්‍යංශ ලේකම් තනතුරුවලට සමානයි. ලේකම්වරයා කටයුතු කළ යුත්තේ අමාත්‍යවරයාගේ නියෝග මතයි. අමාත්‍යවරයා නැත්නම් ලේකම්ට කටයුතු කරන්න බැහැ ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ පුදුම අමාත්‍යාංශයක් ඒකේ ලේකම් පුදුම අසරණතාවයකට පත්වෙනවා. අමාත්‍යාංශය යටතේ ආයතන 20ක් පමණ තියෙනවා. ඒවට ප්‍රධානියෝ ඉන්නවා. නිලන්ත මහත්තයා මම වැඩභාරගද්දිත් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් හිටියේ. ජනාධිපතිතුමා එක් අවස්ථාවකදී පිළිගෙන තියෙනවා අවුරුදු හතරක් තිස්සේ වැදගත් නොවන බුද්ධි තොරතුරු ජනාධිපතිට ගෙනල්ලා දෙන්නේ බුද්ධි අංශ ප්‍රධානියා කියලා. ජනාධිපති කිව්වා ඔයා බුද්ධි තොරතුරු ගැන වොරි වෙන්න එපා පරිපාලන කටයුතු කරගෙන යන්න කියලා.
මම ඒක තමයි කළේ. මට කිසිම ලිඛිත වාර්තාවක් ලැබිලා නැහැ. WHATSAPP පණිවුඩ දෙකක් පමණයි ලැබිලා තියෙන්නේ
බුද්ධි ප්‍රධානියාට ආව ලේඛනේ මට ලබා දුන්නේ මම කිව්වා හෙට තියෙන සාකච්ඡාවෙදි මේක ඉදිරිපත් කරන්න කියලා.
ඊට පස්සේ අප්‍රේල් 09 වැනි දින සාකච්ඡාව පටන් ගත්තා. අන්තිමට සිසිර මට පෙන්නුවා අර ලියුම, මම විස්තර කිව්වා ඒක න්‍යාය පත්‍රයට දාන්න කියලා ඒත් ඒක වුණේ නැහැ. මම ටීම් එකක් යවලා නැගෙනහිර පළාතට රහසිගත වාර්තාවක් ලබා දෙන්නම් කියලා ලේකම් එයාගෙන් ඉල්ලන්න යන්නෑ. වාර්තාව එයාගේ වගකීම ඒක ගෙනත් දෙන එක ඒ වාර්තාව අද වෙනකම් මට ලැබුනේ නැහැ ඊටපස්සේ 16 වැනිදා කාත්තන්කුඩිවල යතුරුපැදියක් පුපුරුවා ගැනීමක් වුණා. මට 17 හරි 18 හරි නිලන්ත කෝල් කරලා කිව්වා නමුත් ජනාධිපතිතුමා 12 වැනිදා මඩකලපුවේ සංචාරය සඳහා ලිඛිතව අවසර ඉල්ලලා තිබ්බා .
නිලන්ත ඒකට අවසර දුන්නා. පිටරට පුහුණු වීම් ගත්ත එයා එහෙම කරනවා නම් සිවිල් මට විතරක් ඇයි මේ අසාධාරණකම්
මට අන්තිමට වාර්තා ලැබුණේ මාර්තු 31 ඉඳන් අප්‍රේල් 07 දක්වා කාලය අතර, ඒ වාර්තාව ගැන කිසිම සඳහනක් අර සතිපතා වාර්තාවේ සඳහන් වෙලා තිබ්බේ නැහැමට 20 වැනිදා WHATSAPP පණිවුඩයක් එවලා තිබ්බා ඒක බැලුවම තිබ්බා ඉදිරි දින තුළ ප්‍රහාරයක් එල්ලවන බව මම වහාම කතා කළා නිලන්තට මේ තොරතුරුවල විශ්වාසනීයත්වය අහන්න එතකොට නිලන්ත කිව්වා තොරතුරු කිව්ව පාර්ශ්වය විශ්වාසයි තොරතුරේ විශ්වාසය ගැන තහවුරු කරමින් ඉන්නේ එයා තහවුරු කරලා තමයි මට කියන්න ඕනේ මේ වැඩේට පැය 12යි තිබුණේ. ඒ ප්‍රහාරකයින් ප්‍රහාරයට කලින් දවසේ ප්‍රහාරය එල්ල කරපු හෝටල්වලමයි හිටියේ. ඔබතුමා කිව්වා පොලිසිය කැඳවන්න හදිසි නීතිය පනවන්න මට පුළුවන් කියලා මට ඒවා කරන්න බැහැ මේ ප්‍රහාරයට කටයුතු කරන්න හොඳටම අවස්ථාව තිබුණා 9 වැනිදා නිලන්ත ඒක මඟහැර ගත්තා. 08 වැනිදා ඉඳලා 16 වැනිදා වෙනකන් ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ 16 වැනිදා තමා එතුමා හිටියේ හරි ක්‍රියාමාර්ග ගත්තා නම් නිලන්තට තිබ්බා උපදෙස් දීලා ජාතික ආරක්ෂක කමිටුව කැඳවන්න ඒවා එකක්වත් කරේ නැහැ. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වා මට පොලිස්පති ආරක්ෂක ලේකම් කවුරුත් මේවා දැනුම් දුන්නේ නැහැ ඔවුන්ට උපරිම දඬුවම් දෙනවා. මම ඊටපස්සේ ඉල්ලා අස්වුණා
මම ලිපිය භාරදෙද්දි ජනාධිපතිතුමාට කතා කළා. ඔබතුමා මට කිව්වා නේද බුද්ධි තොරතුරු ගැන කරදර වෙන්න එපා කියලා
මේ තොරතුරු නිලන්ත ඔබතුමාට දැනුම් දුන්නද ? නැහැ කිව්වා. ස්වාමීනී මේක අසාධාරණයි නමුත් දැන් වැඩක් නැහැ
මට කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ මේක කරන්න මේ දේ වෙන්න ඕනෑකම තිබ්බ දෙන්නෙක් ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ ඉන්න නිලන්තටයි ජනාධිපති සිරිසේනටයි. දෙන දඬුවමක් මම පිළිගන්නවා
මට ඔපරේෂන් එකක් කරා තුවාල තාම හොද නැහැ මාව එල්ලලා මරණ එක වෙනම කතාවක් එතකන් ජීවත් වෙන්න එපැයි
මට ඒ ප්‍රතිකාර ටික ගන්න අවස්තාව හදලා දෙන්න ඉතිහාසයේ කවදා හරි මාව නිදොස් කොට නිදහස් කරයි.
කෙසේ වෙතත් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දු
34-67
124-268
284-511
512-690
700-722
745-762
794-853
යන චෝදනාවලට එක් එක් චෝදනාවට වෙන් වෙන් වශයෙන් වසර 12 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් ද රැපියල් 5000 බැගින් දඩ මුදල්ද නොගෙවන්නේ නම් මාස 06 සිර දඩුවම් ද නියම කළා.
අනතුරුව අධිකරණයේ සියලු ආලෝක පහන් නිවා දමා සියලු දෙනාම නිශ්ශබ්දව ආසනවලින් නැගිට සිටියා.
සභාපති විනිසුරු පියන්ත ලියනගේ,
1-33
68-123
269-283
691-699
723-744
763-793
854-855
යන චෝදනාවලට වරදකරු කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීජනරජයේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තොරාගනු ලබන නිශ්චිත දිනයක නිශ්චිත ස්ථානයක ප්‍රාණය නිරුද්දවන තුරු ගෙල වැලලා එල්ලා තිබීමට නියෝග
කරනවා.













