Empty Ad
AFC Banner
Empty Ad

ඉතාලි ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය සම කිරීමට සැලසුම්

ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පවසනවා.

දෙරටේ අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) අතර පැවති සාකච්ඡාවක දීයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණේ.

දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික වර්ධනයට මෙන් ම සමාජයීය සහයෝගීතාව වර්ධනයටත් මනා රුකුලක් වන බව ද ඉතාලියේ පැවති මෙම හමුවේ දී අදහස් පළ කළ අමාත්‍යවරුන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

දෙරටෙහි අධ්‍යාපනික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේ දී සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ, මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ද ඉතාලියේ වෘත්තීය අවස්ථා හා ගැළපෙන අයුරින් විධිමත් ව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බවයි.

තව ද ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ඉතාලි භාෂාව විධිමත් ව ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා විද්‍යාගාරයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙහි දී ඉල්ලීමක් කර තිබෙනවා.

මෙරට සිසුන් සඳහා ඉතාලියේ උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?