ඉංග්‍රීසී භාෂාව අවස්ථාවන් පුළුල් කිරීමට මිස සමාජ පරතරයන් නිර්මාණයේ මෙවලමක් නොවිය යුතුයි – අගමැතිනිය

ඉංග්‍රීසි භාෂාව ඉගැනීම අවස්ථාවන් පුළුල් කිරීමට මිස සමාජ පරතරය නිර්මාණය කිරීමට මෙවලමක් නොවිය යුතු බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව පුහුණු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (03) දින බ්‍රිතාන්‍ය කවුන්සිලය කොළඹ දී සංවිධානය කළ “ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය 2025” හි ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

අනාගත අවශ්‍යතා සමඟ සමපාත වන, සාධාරණ හා සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා පුළුල් සහයෝගීතාවයක් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

මේ සඳහා ජාතික හා පළාත් රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයින්, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්, ගුරුවරුන් සහ පාසල් නායකයින් ඇතුළු සියලු දෙනාගේ සහාය රජය බලාපොරොත්තු වන බව ද අගමැතිනිය සඳහන් කළා.

සියලුම සිසුන් සඳහා අවස්ථා නිර්මාණය, ඇතුළත් කිරීම සහ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම මගින් සාධාරණ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ගුරුවරුන් හා ආයතන සවිබල ගැන්වීම මගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම ශක්තිමත් කිරීම සහ නවෝත්පාදනය හා ඉගෙනීම සඳහා ඩිජිටල් මෙවලම් දියුණු කිරීම යන කරුණු ද මෙයට අයත්.

ශ්‍රී ලංකාවේ සෑම ශිෂ්‍යයෙකුම නිරන්තරයෙන් වෙනස් වන අනාගතයක් සඳහා සූදානම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතු බවත්, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පවතින “භාෂාවට වහල්වීමේ ආකල්පයෙන්” මිදී, ඉංග්‍රීසි භාෂාව සමාජයේ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු යන්න තමන්ගේ දැඩි විශ්වාසය බව ද අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56