AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකාවේ එක් දින තරග තුනකින් යුතු  තරගාවලියක් සදහා තරග කිරීමට (23) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියා.

මෙම තරග සියල්ල හම්බන්තොට , සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර , එහි පළමු එක් දින තරගය එළඹෙන 06/02 දින පැවැත්වීමට නියමිතයි .

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම (23) දින රාත්‍රී 09.52 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ලෝක ශූරතා තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ.

මෙම ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?