spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරුබාස් හා සසායි අනුකම්පා විරහිත වෙයි – ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්න්දුවට පහරදීමට ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක්දැවී ලකුණු 209ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ශ්‍රි ලංකා පන්දු යවන්නන් අනුකම්පා විරහිත ප්‍රහාරක් දියත් කිරීමට ඇෆ්ගනිස්තාන ආරම්භ පිතිකරු යුගලය කටයුතු කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ඉනිමට ශක්තියමක් අඩිතාලමක් දමමින්.

එහිදී ආරම්භ පිතිකරුවන් යුගලය වන රහමදුල්ලා ගුරුබාස් වේගවත් ලකුණු 70ක් රැස් කළ අතර, හස්මතුල්ලා සසායි රැස්කළ ලකුණු සංඛ්‍යාව 45ක්.

ඊට අමතරව අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 31ක් රැස් කළා.

ඇෆ්ගනිස්තාන ‍රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස තරගයක දී ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 2022 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 175ක් රැස් කරගෙන තිබුණා.

පන්දු යැවීමේ දී අද තරගය සදහා කැදවීම් ලැබී තිබූ අකිල ධනංජය කඩුලු දෙකක් බිද දැමුවා.

ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු 02ක් දවා ගත්තා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට පන්දු 120ක් තුළ ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?