ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ.

වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය.

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂූන්ගේ පෙර වස් එළැඹීමේ දිනය ද වෙයි.

ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.

කෙසේවුවද පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?