ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ.

වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය.

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂූන්ගේ පෙර වස් එළැඹීමේ දිනය ද වෙයි.

ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.

කෙසේවුවද පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40