ඇමරිකාව ප්‍රහාර දැඩි කළොත් ඊළඟ ඉලක්කය බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය – ඉරානය අනතුරු අඟවයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් උත්සන්න වුවහොත් ගෝලීය බලශක්ති මාර්ග සම්බන්ධයෙන් දරුණු තීරණයකට එළඹෙන බව ඉරානය අනතුරු අඟවනවා.

ඒ, අනුව ඉරානය පවසන්නේ ඇමරිකා සහ ඊශ්‍රායලය ප්‍රහාර තවදුරටත් තීවෘ කළ හොත් හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට ඇති නැව් මාර්ග ද අවදානමට ලක්විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනිගේ උපදේශක අලි අක්බර් වේලායාටි පැවසුවේ, එක් රටක එක් වැරදි පියවරක් ගෝලීය බලශක්ති ප්‍රවාහයන් සහ ජාත්‍යන්තර වෙළඳාමට දැඩි ලෙස බාධා කළ හැකි බවයි.

බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරම්ම උපායමාර්ගික ලෙස සලකන බවයි ඔහු පැවසුවේ.

යේමනයේ වෙරළට ඔබ්බෙන් පිහිටි බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, රතු මුහුද ඒඩන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන අතර, සූවස් ඇළ දෙසට යන නැව්ගත කිරීම සඳහා තීරණාත්මක ස්ථානයක් වී තිබෙනවා.

ටෙහෙරානය සමඟ සම්බන්ධ වී සිටින යේමනයේ හවුතිවරු, ඉරානය සමඟ සහයෝගීතාවයෙන් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියට පහර දීමට සූදානම් බව මීට පෙර අනතුරු අඟවා තිබුණා.

මේ අතර ඉරානයේ ඉතිහාසයෙන් එක්සත් ජනපදය යම් යම් පාඩම් ඉගෙන ගෙන ඇතත්, එම පාඩම් තවමත් තේරුම් ගෙන නොමැති බවයි මොජ්ටාබා කමේනිගේ උපදේශක වේලායාටි වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
24
+1
2
+1
9
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57